Wednesday, January 10, 2018


ලස්සන වෙන්න රහසක්

                                  ලස්‌සන වෙන්න, ලස්‌සනට ඉන්න කවුද අකැමැති. අප සැම දෙනාම අන් අයගේ සිත් ඇද ගැනීමට බාහිර රූපය ලස්‌සන කරගන්න නොයෙකුත් දේවල් කරනවා. එලෙස ලස්‌සන වෙන්න කරන බොහෝ දේවල් නිසාම ඇතැම් අය විකෘති වෙලාං. ඇතැමුන් කෙතරම් රූපලාවන්‍යය කළත් තමන්ගේ රූපයේ ලස්‌සන ගැන සෑහීමකට පත්වන්නේ නැහැං

                                ලස්සන කියන්නේ සාපේක්ෂ  දෙයක්ංලස්සන කියන්නේ අපේ මූණෙන් පේන දේ  නෙවෙයිං අපි මූණෙ කොච්චර ආලේපන ගාලා පිටෝපෙට හිටියට ඒ ලස්සන එක ක්ෂණයකින් නැති වෙන්න පුලුවන්ං

 

අද සමාජයේ බොහෝ දෙනා උත්සාහ ගනුයේ බාහිරින් ලස්‌සන වීමට. ජෙල් ටික ගාගෙන හිස කෙස්‌ ටික නූලට පිරගෙන, සුවඳ විලවුන් ඇඟ ගල්වාගෙන, සම පාට වන විවිධ ක්‍රීම් වර්ග භාවිත කරමින්, විවිධ විලාසිතාවල ඇඳුම් අඳිමින් බාහිරින් ලස්‌සනවීමේ  අරගලයක යෙදී සිටිනවා. මේ නිසා රූපලාවන්‍යය අද කර්මාන්තයක්‌ බවට පත්වෙලා. බාහිරින් ලස්‌සනවීම වරදක්‌ නැහැ. ඒත් බාහිරින් ලස්‌සන වූ පුද්ගලයාගේ අභ්‍යන්තරය දූෂිත නම් එම ලස්‌සනින් තමාටවත්, සමාජයටවත් ප්‍රයෝජනයක්‌ නැහැ. ඒනිසා පළමුවෙන්ම සිදුවිය යුත්තේ පුද්ගලයකුගේ අභ්‍යන්තරය ලස්‌සන කර ගැනීමයි.
 
 
 

10 comments:

දෑත් සුන්දරව තබා ගනිමු.........

කෙනෙකුව පළමු වර හමුවීමේදී අතට අත දෙන්නත් , ඔබේ ආදරය , කරුණාව පෑමේ මාධ්‍යක් විදියටත් , ඇතැම්විට අදහසක් ප්‍රකාශ කිරීමේදීත් දෑත් විශාල කාර්...